ඉදිරි වැඩසටහන්

UPCOMING EVENTS



ඉදිරි වැඩසටහන් පිලිබඳ කෙටි හැදින්වීම

ධර්මධර, විනයධර, බහුශ්‍රැත භික්ෂු පරපුරක් මෙසිරිලක් මෑණියන්ට දායාද කිරීමේ අරමුණ කූඨප්‍රාප්ත කරගැනීම උදෙසා ධර්මායතනයක් ස්ථාපනය කිරීම.

1. දෙමහල් ධර්ම ශාලා ගොඩනැගිල්ලේ ඉතිරි වැඩකොටස නිමකිරීම.
2. බෝධියක් ස්ථාපනය කරගැනීම.
3. විහාරගේ ඉදිරිපස කොටස නිමකරගනීම.
4. වැසිකිළි කැසිකිළි පද්ධතියක් සාදා ගැනීම.

EVENTS

1. දෙමහල් ධර්ම ශාලා ගොඩනැගිල්ලේ ඉතිරි වැඩකොටස නිමකිරීම

පුස්සැල්ල ශ්‍රී විජයනන්දාරාමය සතුව පැවති ධර්මශාලා ගොඩනැගිල්ල මෙම විහාරස්ථානය ආරම්භකළ සමයේ පිහිටුවන ලද්දකි. නමුත් වර්තමානය වනවිට අදාල ගොඩනැගිල්ල ඉඩපහසුකම් අතින් හා භාවිතයට නුසුදුසු පරිදි පැවති හෙයින් ඉවත්කරන ලදී. එමෙන්ම ප්‍රදේශවාසී බෞද්ධ දරුවන් වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම සදහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් ලබා ගැනීමත්, ධර්මායතනයක් ලෙස දියුණු කරගැනීමේ අරමුණත් පෙරදැරිකරගෙන මෙම දෙමහල් ධර්මශාලා ගොඩනැගිල්ල ස්ථාපනය කිරීම 2015.08.02 ආරම්භකරන ලදී. “එක් ගමක් සදහා එක් වැඩක්” ජාතික සංකල්පය යටතේ රුපියල් ලක්ෂ 10ක ප්‍රතිපාදන මුදලක් ලැබුණු අතර ප්‍රදේශවාසීන්ගේ දායකත්වයද සමඟ රුපියල් ලක්ෂ 18ක වටිනාකමින් යුත් අඩි 24 x 60 ක ප්‍රමාණයක් නිමකරන ලදී.

නමුත් එහි උඩුමහලේ වැඩකොටස කඩිනමින් නිමකරගැනීම අපගේ අරමුණ වී ඇත.

2. බෝධියක් ස්ථාපනය කරගැනීම.

විහාරස්ථානයේ දායකාරකාදීන්ට වන්දනාමාන කිරීම සදහා බෝධීන් වහන්සේනමක් රෝපණය කරගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. ඒ සඳහා අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ස්ථාපනය කිරීම සඳහා බෝධි ප්‍රකාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සැලසුම් කර ඇත.

3. විහාරගේ ඉදිරිපස කොටස නිමකරගනීම

පුස්සැල්ල ශ්‍රී විජයනන්දාරාමය සතුව පවතින බුදුමැදුර මෙම විහාරස්ථානය ආරම්භකළ සමයේ පිහිටුවන ලද්දකි. නමුත් වර්තමානය වනවිට අදාල ගොඩනැගිල්ලේ ජල කාන්දුවීම හේතුවෙන් අදාළ බිතුසිතුවම් හා බිත්ති විනාශ මුඛයට යමින් පවතී. එබැවින් අදාළ ඉදිරිපස කොටස කඩා ඉවත්කර පිළිසකර කරගැනීමට සැලසුම් කර ඇත.

4. වැසිකිළි කැසිකිළි පද්ධතියක් සාදා ගැනීම

විහාරස්ථානය වෙත පැමිණෙන දායකාරකාදීන් උදෙසා දැනට පවතින වැසිකිළි හා කැසිකිළි පද්ධතිය පරිහරණයට නුසුදුසු තත්වයේ පවතින බැවින් නව වැසිකිළි කැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.