දෙමහල් ධර්ම ශාලා ගොඩනැගිල්ලේ ඉතිරි වැඩකොටස නිමකිරීම

පුස්සැල්ල ශ්රී විජයනන්දාරාමය සතුව පැවති ධර්මශාලා ගොඩනැගිල්ල මෙම විහාරස්ථානය ආරම්භකළ සමයේ පිහිටුවන ලද්දකි. නමුත් වර්තමානය වනවිට අදාල ගොඩනැගිල්ල ඉඩපහසුකම් අතින් හා භාවිතයට නුසුදුසු පරිදි පැවති හෙයින් ඉවත්කරන ලදී. එමෙන්ම ප්රදේශවාසී බෞද්ධ දරුවන් වෙනුවෙන් දහම් අධ්යාපනය ලබාදීම සදහා අවශ්ය ගොඩනැගිලි පහසුකම් ලබා ගැනීමත්, ධර්මායතනයක් ලෙස දියුණු කරගැනීමේ අරමුණත් පෙරදැරිකරගෙන මෙම දෙමහල් ධර්මශාලා ගොඩනැගිල්ල ස්ථාපනය කිරීම 2015.08.02 ආරම්භකරන ලදී. “එක් ගමක් සදහා එක් වැඩක්” ජාතික සංකල්පය යටතේ රුපියල් ලක්ෂ 10ක ප්රතිපාදන මුදලක් ලැබුණු අතර ප්රදේශවාසීන්ගේ දායකත්වයද සමඟ රුපියල් ලක්ෂ 18ක වටිනාකමින් යුත් අඩි 24 x 60 ක ප්රමාණයක් නිමකරන ලදී.
නමුත් එහි උඩුමහලේ වැඩකොටස කඩිනමින් නිමකරගැනීම අපගේ අරමුණ වී ඇත.
[give_form id=”9384″]
No Days left to achieve target
Has been completed
