දික්කුඹුරේ සුභූති හිමි
මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක් නොසිතා එම ප්රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක් සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී යයි. නැවත අඳියි. නැවත මැකී යයි. රහතන් වහන්සේ අඳින චිත්ර රැස් කර ගන්නේවත් ගොඩගසා ගන්නේවත් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ අඳින චිත්ර සඳහා පාවිච්චි කරන්නේ නිකෙලෙස් තීන්තය. එහි ඝන භාවයක්, ගොරෝසු භාවයක්, ඇලීමක්, ගැටීමක්, උපේක්ෂාවක් නොමැත. ඒවා නිවුණු තීන්තය. එහෙයින් උන්වහන්සේගේ ඇතිවෙමින් නැතිවෙන සිත නමැති පිරුවටය සැමවිටම නොකිළිටියි. කොතැනකදීවත් සත්වයෙක් පුද්ගලයෙක් නොදකින ඒ සිත නිරතුරුව අනිත්යය දැක මැකී යන රූපම අඳියි. එහෙයින් උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලුය. සරලය. පැහැදිලිය. විවෘතය. එය නිදහසේ ප්රතිබිම්බයයි.
Recent Sermons

බලංගොඩ ආනන්ද මෛත්රී මහා නා හිමි
January 28, 2017

භාවනා අත්දැකීම් – නිරපෙක්ෂත්වයේ මග
January 28, 2017

නුගේගොඩ ධර්ම දේශනය – මහ රහතුන් වැඩි මග ඔස්සේ
July 01, 2016


